නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ශ්‍රී ලංකාව අද (20) නෙදර්ලන්තය සමඟ තරග වැදුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තෝරා ගත්තේ, පළමුව පන්දුවට පහර දීමට යි.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය ඉනිම නිමා කළේ පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක ඉලක්කයක් ප්‍රතිවාදී නෙදර්ලන්තයට ලබා දෙමින්.

ලකුණු 79ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් ලබා ගත්තා.

පන්දු 44ක් පමණක් වැය වුණු කුසල්ගේ ඉනිමට හයේ පහර 5ක් හා 4 පහර 5ක් ඇතුළත් වුණා.