සිංහයන් අද තීරණාත්මක සටනක

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ.
තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.
මේ වන විට පළමු වටයේ “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එම සටහනේ තෙවන ස්ථානයේ ය.
නැමීබියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසු වේ.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීම අනිවාර්යය වේ.
කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව තිබේ.
ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
මේ අතර, ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.

