UAEට ලකුණු 8ක තියුණු ජයක්

UAEට ලකුණු 8ක තියුණු ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (20) පැවති තරගයෙන් ලකුණු 07ක විශිෂ්ට ජයක් ලබන්නට එක්සත් අරාබි එමීර් සමත් වුණා.

පළමුව කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කළේ පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී එමීර් රාජ්‍යය ලකුණු 148ක් කඩුලු 03ක් දැවී ලබාගත්තා.

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමට කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

ඒ අනුව ලකුණු 08ක විශිෂ්ට ජයක් ලැබීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් වුණා.