ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් ආබාධයකට ගොදුරු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවයි.
මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි.
මේ අතර පැතුම් නිස්සංකගේ ආබාධය සම්බන්ධයෙන් මෙවර T20 ලෝක කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස සිටින ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නල්ඩ් සිය සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබුණා.
ඔහු දැක්වූ අදහස් පහතින් නරඹන්න,

