රූපලාවන්‍ය උපකරණවල ආනයන සීමා ඉවත් කෙරෙන හැඩ

රූපලාවන්‍ය උපකරණවල ආනයන සීමා ඉවත් කෙරෙන හැඩ

රූපලාවන්‍ය ද්‍රව්‍ය, වාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය වලට දැනට පනවා ඇති ආනයන සීමා ඉදිරි සති දෙක තුළ ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව මෝටර් රථ අමතර කොටස් , රූපලාවන්‍ය උපකරණ, ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා මෙලෙස ඉවත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ ක්ෂේත්‍රයන්වල රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගමට ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.