සුපිරි 12 වටයේ තවත් තරඟ දෙකක් අද

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ තවත් තරඟ දෙකක් අද (24) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ආරම්භ වන්නේ හෝබාට් හිදියි.
සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර අනෙක් තරගය පස්වරු 1.30 ට පැවැත්වෙනවා.
සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර තරගය හෙට (25) පර්ත්හි දී ආරම්භවීමට නියමිතයි. නවසීලන්තය සමඟ පැවති පළමු තරගය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පරාජයට පත්වීම නිසා හෙට තරඟය, තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ඔස්ට්‍රෙලියාවට වැදගත් වනු ඇති.

