කැන්ගරුවන්ට කඩුලු 7ක ජයක්

කැන්ගරුවන්ට කඩුලු 7ක ජයක්

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරඟය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස්කළ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

ඒ, අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16 පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ජග්‍රහණය වාර්තා කළේය.