ඇඩම් සම්පට කොවිඩ් – කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කොවිඩ් 19 වෛරස පරීක්ෂණයේ දී ධනාත්මක බව තහවුරු වී තිබෙනවා.
නමුත් ඔහුගේ රෝග ලක්ෂණ වර්ධනය නොවන බැවින් ඔහු අද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟය සඳහා තෝරා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි මීට පෙර වාර්තා වුණේ.
කෙසේ වෙතත් අද තරඟයේදී ඔහු විවේක ගන්වා තිබෙනවා.
මේ අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
පසුගිය (23) ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයට සහභාගි වූ අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්රෙල් කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී දී තහවුරු වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් අයර්ලන්ත ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජෝර්ජ් ඩොක්රෙල් COVID -19 සඳහා ධනාත්මක අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර COVID-19 කළමනාකරණය සඳහා වත්මන් දේශීය, ජාතික සහ ICC මාර්ගෝපදේශයන්ට අනුකූලව කළමනාකරණ කටයුතු සිදු කෙරෙන බවයි.
එහි දී, ඩොක්රෙල්ගේ රෝග ලක්ෂණ වර්ධනය නොවන බැවින් කෙසේ වෙතත්, කණ්ඩායම් වෛද්‍ය කාර්ය මණ්ඩල තරඟාවලියට සහ වත්මන් රජයේ ප්‍රොටෝකෝලයන්ට අනුකූලව ඔහුගේ චලනයන් සහ අන්තර්ක්‍රියා කළමනාකරණය කරනු ඇති බවත් අයර්ලන්ත ක්‍රිකට් නිවේදනය කරනවා.

