ගල්වැව සිරිධම්ම හිමිට ඩෙංගු

උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසු වන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, උන්වහන්සේ මේ වන විට නේවාසික ව ප්‍රථිකාර ලබමින් සිටින බව යි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගල්වැව සිරිධම්ම හිමියන් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා.
මේ අතර, ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල්ගත කිරීම ප්‍රමාද වූ බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අද (26) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

