විදුලි ගාස්තු යළි සියයට 30කින් ඉහළට

රජය විසින් පසුගියදා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, විදුලි බිලටද එකතු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
මේ අතර ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යොජනාවකට අනුව සියයට 30ක යලි විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් පවතින බව ලංකා විදුලිබල වෘත්තීය සමිති සංධානය පවසනවා.
එසේම පසුගියදා පනවනු ලැබූ සියයට 2.5 සමාජ ආරක්ෂණ බද්ද මෙම මස 15 වැනිදා සිට විදුලි බිල්පත් සඳහා එක්කර ඇති බවයි එම වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ.
මේ අතර වහල මත සවිකරන සෝලා පද්දති මගින් ජාතික විදුලි බල පද්දතියට එක් කෙරෙන විදුලි ඒකකයක් සඳහා සිදු කරන ගෙවීම් ඉහළ දැමීමට කැබිනට් මන්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව පැවති රුපියල් 22ක සහ 15 ශත 50ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්දති සඳහා රුපියල් 37ක් සහ කිලෝවොට් 500ට වැඩි නව පද්දති සඳහා රුපියල් 34ක් ලෙසයි අදාල ගාස්තු සංශෝධනය කර ඇත්තේ.
මෙම ගාස්තු සංශෝදනය ඉදිරි වසර 20ක් දක්වා ක්‍රියාත්මක වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්වීටර් සටහනක් තබමින් පවසන්නේ.

