හෂාන් තිලකරත්න බංගලාදේශ කාන්තා ක්‍රිකට් පුහුණුකාර තනතුරට

හෂාන් තිලකරත්න බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර තනතුරට පත් වී ඇති බව වාර්තා වෙනවා.
හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා.
2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට තව ඇත්තේ මාස 5කට අඩු කාලයක්.
ඔහු 2021 ජූනි 1 වන දින නිල වශයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර භාර ගත් අතර, හෂාන් යටතේ කාන්තා කණ්ඩායම මෑතක දී අවසන් වූ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ද පිවිසියා.
කෙසේ වෙතත් ප්‍රබල ඉන්දියාවට එරෙහි ව ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් කඩුලු 8ක බරපතළ පරාජයකට පත් වුණා.
ටෙස්ට් තරග 83ක දී ලකුණු 4,545ක් හා එක්දින තරග 200ක දී ලකුණු 3,789ක් ලබා ගැනීමට සමත් වූ හෂාන් තිලකරත්න සිය මංගල ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළේ 1986 දී.
ඔහු 2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නා.

