තිලිණි ප්‍රියමාලිට තවත් නඩුවක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි වෙනත් නඩුවකට අදාළව නොවැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කඩවත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් රුපියල් 503,200 ක් වටිනා දුරකථන සහ උපාංග මිලට ගෙන ඒ සඳහා අගරු චෙක්පතක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළවයි.
කඩවත පොලීසිය විසින් ඊට අදාළව නඩු පවරා තිබූ අතර එම නඩුව අද කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
මීට පෙර පැවරූ නඩුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි අද එම නඩුව සඳහා කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
මහා පරිමාණයෙන් මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තා ලබන නොවැම්බර් මස 2 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ නිළියක්, නිවේදිකාවක් ඇතුළු 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව ඉන් දෙදෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

