බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරඟ අහිමිවෙයි – ප්‍රසාද ලකුණු සටහනේ ලංකාව ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.
ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරඟයේ දි ඇති වූ අබාධය හේතුවෙන්.
මේ අනුව බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරග ඇතුළු සම්පූර්ණ 20යි 20 ලෝක කුසලානය ම අහිමි වනු ඇති.
දැනටමත් ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනාවක් ම ආබාධවලට ලක් වුණා.
ඒ අතර සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද වනවා.
ඊට අමතර ව සුපිරි පිතිකරු ධනුෂ්ක ගුණතිලක, වේග පන්දු යවන්නන් වන ප්‍රමෝද් ලක්ෂාන් හා දිල්ෂාන් මධුසංක ද ආබාධවලට ලක් වුණා.
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් වැළඳ ගන්නට සිදු වුණා.
කෙසේ වෙතත් අද පැවති තරඟයෙන් අයර්ලන්තයට ලකුණු 5ක ජයක් හිමිවීමත් සමඟ ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉතිරි තරග 3 ජයග්රහණයන් තීරණාත්මක වනවා.
ඒ නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන සහ එංගලන්ත යන තරග ත්‍රිත්වයයි.
ශ්‍රී ලංකා සංචිතයට අතිරේකව කැදවු නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ වීසා ගැටලුවක් හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟය නවසීලන්තය සමගින් ලබන සෙනසුරාදා සිඩ්නි ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයි.


