ගණන් යන ඉදිකිරීම් බඩු බස්සන්න ඇමතිගෙන් උපක්‍රමයක්

යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ගණන් වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇති අතර, එම මිල ගණන් පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

