සුබ උපන්දිනයක් සංගා

සුබ උපන්දිනයක් සංගා

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකය කතා බහට ලක් කරන විශිෂ්ඨයින් අතර සදා නොමැකෙන නාමයක් තමයි අග්‍රගණ්‍යය ක්‍රීඩකයෙකු වශයෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර කියන්නේ.

මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය. ලොව හොඳම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී ක්‍රීඩකයෙක්, 2015 ලෝක කුසලානයේදී තරඟ හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින්, ක්‍රිකට් වාර්තා පොත අලුත් කරපු ක්‍රීඩකයෙක් තමයි කුමාර සංගක්කාර.

2012 වසරේදී පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන තුනම දිනාගැනීමට සමත් විය.

ඉතින් ඊයේ (27) දිනයේ කුමාර සංගක්කාරගේ උපන්දිනය යෙදී තිබුණා.

My newslanka අපි උපන්දිනයට සුබ පතන ගමන්, ඔහුගේ ඉදිරි වැඩ කටයුතු වලටත් එක සිතින් ආශීර්වාද කරනවා.