ඇමරිකා යන්න ගිය රන්ජන්ට ගුවන් තොටේදී අකරතැබ්බයක්

ඇමරිකා යන්න ගිය රන්ජන්ට ගුවන් තොටේදී අකරතැබ්බයක්

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට විදේශ ගතවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ.

කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීම ඒ රන්ජන්ගේ සැළසුම වී තිබුණි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාළව අධිකරණ මගින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඒ මහතා යළි හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් තීරණය කර තිබේ.