පාන් වලටත් මිල සූත්‍රයක්

වෙළඳුන් හිතුමතේ මිල ඉහළ දමන පාන් සඳහා මිල සූත්‍රයක් සකස් කරන ලෙස කිරුම් මිණුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
තිරිඟු පිටි මිල, නිෂ්පාදන පිරිවැය සළකා එය සකස් කළ යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක කියා සිටියේ.
ඊට අමතරව තවත් යෝජනා හතරක් ද රජයට ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළා.
මේ අතර යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් පාන් ගෙඩියක යකඩ ඇණ 3 ක් තිබී හමු වී තිබෙනවා.
එම පාන් ගෙඩිය නිවසට රැගෙන පැමිණි පුද්ගලයා එය දරුවන්ට ආහාරය සඳහා ලබාදීමට යාමේ දි ඇණයක් පළමුව නිරීක්ෂණය කර ඇති අතර, පසුව තවත් ඇණ දෙකක් පාන් ගෙඩියේ තිබී සොයා ගැනුනා.
ඒ සම්බන්ධයෙන් පාන් ගෙඩිය මිලට ගත් පුද්ගලයා ඒ පිළිබඳව වෙළඳසැලට දැනුම්දී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද පැමිණිලි කර තිබෙනවා.

