පොලිස් වෙඩිල්ලෙන් සිසුවෙකුට බරපතලයි – මා.හි.කො මෙන් විමර්ශනයක්

පොලිස් වෙඩිල්ලෙන් සිසුවෙකුට බරපතලයි – මා.හි.කො මෙන් විමර්ශනයක්

මාතර තිහගොඩ ප්‍රදේශයේ දී ඊයේ (28) හවස පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ පොරබැදීමකින් පොලිසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලැබුහ.

පොලිසීය පැවසුවේ, පොලිස් නිලධාරීයෙකු සමඟ පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් සිසුවා තුවාල ලබා ඇති බවයි.

මේ අතර මාතර, තිහගොඩදී වෙඩි වැදුණු සිසුවා තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ , අදාළ සිසුවා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ද යොමු කළ බවය.

මෙම සිද්ධියට අදාළව 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් ද කර තිබේ.

COMMENTS