ඩයනාගේ ඩිස්නිලන්ත කතාවට ජාත්‍යන්තරයෙන් පිළිතුරු

ඩයනාගේ ඩිස්නිලන්ත කතාවට ජාත්‍යන්තරයෙන් පිළිතුරු

ශ්‍රී ලංකාව තුළ ‘ඩිස්නිලන්තය’ ලෙස තේමා උද්‍යානයක් නිර්මාණය කිරීමට හෝ විවෘත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව සුප්‍රසිද්ධ වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරනවා.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනුයි එම සමාගම මෙම නිවේදනය පුවත්පතකට සිදු කර ඇත්තේ.

නමුත් රාජ්‍ය අමාත්‍යවරිය ඩිස්නිලන්තයක් නිර්මාණය කිරීමට සාකච්ඡා කිරීම සඳහා නුදුරේ දී අමරිකාවට යාමට නියමිත බවත්, එහි ගොස් ඇය හමුවන්නේ කවුරුන්ද යන්න වග ප්‍රකාශ කිරීමට ඇමතිනී ඩයනා ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

උපුටාගැනීම:- https://bit.ly/3WibT5G