රේගුවේ ඇති වාහන රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කෙරේ

විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඒ යටතේ දැනට උග්‍ර වාහන හිඟයකට මුහුණ පා ඇති පොලීසිය ඇතුළු දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කරන බවයි.
ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

