ශ්‍රී ලංකාවට වැදගත් තරඟයක් අද

ශ්‍රී ලංකාවට වැදගත් තරඟයක් අද

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද (31)පැවැත්වෙයි.

බ්‍රිස්බන්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

මෙය පළමු කාණ්ඩයේ තරගයක් බැවින් මෙම තරඟයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත් වේ.

යම් හෙයකින් මෙම තරඟයෙන් අයර්ලන්තය ජය ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත වනු ඇති.