ජනප්‍රිය නිළි සේමිණීගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

ජනප්‍රිය නිළි සේමිණීගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

මහා පරිමාණ මුදල් වංචාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ. ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.

ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ය.

ඇය ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ සිය ස්වාමි පුරුෂයා සමඟයි.

ඔහු ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් සේමිණී ඉද්දමල්ගොඩගෙන් මෙහිදී විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙනවා.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

COMMENTS