මොළය මියදුණු පුද්ගලයෙකුගේ ශරීර අවයව ගන්න ගුවනින් ප්‍රවාහනය කෙරෙයි (Photos)

මොළය මියදුණු පුද්ගලයෙකුගේ ශරීර අවයව ගන්න ගුවනින් ප්‍රවාහනය කෙරෙයි (Photos)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව හදිසි අනතුරකින් මොළය මිය ගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සඳහා බෙල්-412 හෙලිකොප්ටරයකින් බදුල්ල මහ රෝහලේ සිට අද (31) කොළඹ ජාතික රෝහලට ගුවන් මඟින් ඉතා ආරක්ෂිත ව ප්‍රවාහනය කර තිබෙනවා

මෙම මොළය මිය ගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සදහා ප්‍රධානය කිරීමට සහ විශේෂයෙන් ම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීම සඳහා ද යොදාගැනීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.