ලෝක ශූරතා ෆෝමියුලා 01 තරඟාවලියේ එක් අදීරයක ජයක් නෙදර්ලන්තයට

ලෝක ශූරතා ෆෝමියුලා 01 තරඟාවලියේ එක් අදීරයක ජයක් නෙදර්ලන්තයට

2022 ලෝක ශූරතා ෆෝමියුලා 01 තරඟාවලියේ 20 වන අදියර ඊයේ නිමා වුණා.

ඒ මෙක්සිකෝවේ දීයි.

තරග වට 71කින් සමන්විත වූ මෙවර තරඟ අදියරේ ජය ලෝක ශූර නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටැපන් දිනා ගනු ලැබුවා.

ඒ තරඟය පැය 1යි විනාඩි 38යි තත්ත්පර 36කින් අවසන් කරමින්.

දෙවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් දිනා ගනිද්දී මෙක්සිකෝවේ සර්ජියෝ පෙරෙස් තුන්වැනි ස්ථානය දිනා ගත්තා.

මැක්ස් වර්ස්ටැපන්ගේ මෙම ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩකයෙකු තරගාවලියක වාර්තා කල වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමටද ඔහුට හැකියාව ලැබුණා.

වර්ස්ටැපන් මෙවර තරඟාවලියේ ජය ගත් තරග සංඛ්‍යාව 14ක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ තරග 13 බැගින් ජය ගෙන සිටි ජර්මන් ක්‍රීඩකයින් වන මයිකල් ශුමාකර් සහ සෙබස්තියන් වෙට්ල්.