එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහළට

එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබෙනවා.

ඒ අනුව කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී තිබෙනවා.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් පහත වැටී ඇති බව සඳහන්.

එසේම පෙර දිනයට සාපේක්ෂව රතු පරිප්පු රුපියල් 3 කින්, අර්තාපල් රුපියල් දෙකකින් සහ ආනයනික රතු ළුෑණු රුපියල් 10 කින් පහත වැටී තිබෙනවා.