ආර්නල්ඩ් චාමික ගැන කතා කරයි

ආර්නල්ඩ් චාමික ගැන කතා කරයි

චාමික වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම දක්ෂතා අතරට එන එක කණ්ඩායමට අත්‍යවශ්‍යය බවත් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ ලංකාවට හරි අඩු බවත්, චාමිකගෙන් ලැබිය යුතු සේවය කණ්ඩායමට නොලැබුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් සහ ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ Chilling With Russel වැඩ සටහනට එක් වෙමින්,

“පන්දු යැවීම ගැන කතා කරොත් චාමික වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම දක්ෂතා අතරට එන එක කණ්ඩායමට අත්‍යවශ්‍යයි. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ ලංකාවට හරි අඩුයි ඉතින් ඒ වගේ කෙනෙක් ඉන්නකොට කණ්ඩායම බැලන්ස් කරන්න පුළුවන් හොඳට.

හැබැයි මේ අවස්ථාවේදී මේ තරඟ ටික ඔක්කොම බැලුවා නම් චාමික අපේ පන්දු යවන්නෙක් කියල ඉදිරියට ගෙනියන්න බැහැ, අපිට විශ්වාස කරන්නත් බැහැ, ඔන්න අද ටිකක් හොඳට දානවා හැබැයි වැඩිපුරම දුර්වල පන්දු ඒ වගේම පිතිකරණයට ගියාම ප්‍රහාරාත්මක වේගය 105, වැඩිම ලකුණු 31ක් අපිට ඒක සුදුසුද එයා දැන් අවුරුද්දක් දෙකක් ක්‍රීඩා කරලා තියෙනවා.

එයාගේ සංඛ්‍යාලේඛන බලද්දි ඒ වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔහුගේ අතේ තමයි තිබෙන්නේ තම දායකත්වය දක්වලා කණ්ඩායමට වෙනසක් කරලා දෙන එක, ඕනෑම කණ්ඩායමකට ක්‍රීඩකයෙක් තෝරද්දි එක් අංශයකින් ඔහුට කණ්ඩායමට එන්න පුළුවන් වෙන්න ඕනේ. පිතිකරුවෙක් විදිහටද, පන්දු යවන්නෙක් විදිහටද, අපි චාමිකව කණ්ඩායමට දාන්නේ, දක්ෂතා අරගෙන බැලුවොත් නියම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු විදිහට අපිට ඒ දේ හම්බවෙලා නෑ, හැබැයි මේ වෙලාවේ අපිට තියෙන විකල්පවලින් හොඳම විකල්පය ඔහු කියලා තමයි මට තේරෙන්නේ” යනුවෙන් පැවසීය

මේ අතර අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන තරඟයට චාමික කරුණාරත්නව කණ්ඩායමට ඇතුලත් කර තිබුනේ නැහැ, ඒ වෙනුවට ප්‍රමෝද් මධුශංක කණ්ඩායමට කැඳවා තිබුණා.

සම්පුර්ණ වැඩ සටහන පහතින් බලන්න,