සනත් නිශාන්තගේ මෝටර් රථයේ ගැටුන පුද්ගලයා මරුට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 15 වන දා පුත්තලම නගරයේ දී ඔහු ගමන් කළ පාපැදිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තිබුණා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ 45 හැවිරිදි මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර අතර, පසු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවනු ලැබුවා.
අනතුර සිදු වන අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා ද එහි සිට ඇති අතර, සිද්ධියට අදාළ ව ජිප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

