අද විරෝධයට පොලීසියෙන් තහනමක්

අද විරෝධයට පොලීසියෙන් තහනමක්

දේශපාලන පක්ෂල වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද (02) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබා නොදෙන බවට පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාශ දෙක දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ. එන්. දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර තිබේ.