මහේලගේ වාර්තාවක් කෝලී ඩැහැ ගනී

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල වැඩිම ලකුණු ලබා ගනිමින් මහේල ජයවර්ධන තබා තිබූ වාර්තාව ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද බිඳහෙලා තිබෙනවා.
මහේල ජයවර්ධන ලෝක කුසලාන තරඟාවලිවල ඉනිම 31කදී ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 1016ක්.
අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරඟයේදී විරාත් කෝලි ලකුණු 1019ක් ලබා ගනිමින් මහේලගේ වාර්තාව අභිබවා ගියේ ඉනිම 23කදී වීම විශේෂත්වයක්.
ඉනිම 31කදි ලකුණු 965ක් ලබා කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙම වාර්තාවේ තුන්වන තැනට හිමිකම් කියනවා.
T20 ලෝක කුසලාන තරගාවලිවල ඉනිම 34කින් ලකුණු 921ක් ලබා සිටින රෝහිත් ශර්මා පසුවන්නේ හතරවන ස්ථානයේයි.
මහේල ජයවර්ධන T20 ලෝක කුසලාන තරඟවල ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරුවායි. ඔහු තරග 31කදී ලකුණු 1016ක් ලබා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියා.
T20 ලෝක කුසලාන තරගාවලිවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (12) රැස් කළ ක්‍රීඩකයා ලෙස කෝලි වාර්තාවක් තබා තිබෙනවා.
ඔහු පසුපසින් සිටින ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මා අර්ධ ශතක 9 බැගින් රැස් කර තිබෙනවා.පන්දුවාර 20යි 20 තරග 112කදී ලකුණු 3868ක් රැස්කරගෙන සිටින විරාත් කෝලි ලොව වැඩිම ලකුණු ලාභියාද වෙනවා.

