සුපිරි 12 වටයේ තවත් තරඟ දෙකක් අද

සුපිරි 12 වටයේ තවත් තරඟ දෙකක් අද

ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තවත් තරඟ දෙකක් අද (02) පැවැත්වෙනවා.

සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර තරඟය ඇඩිලේඩ් හී දි ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟය මෙම ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වන්නේ පස්වරු 1.30ට යි.

දෙවන කාණ්ඩයේ ඉන්දියාව ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වන අතර බංග්ලාදේශය පසු වන්නේ තුන්වන ස්ථානයේයි.