බස් රථ අනතුරක් – පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලේ

බස් රථ අනතුරක් – පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලේ

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය – මීපිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පාසල් ළමයින් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බස් රථ දෙකෙහි ගමන්ගත් ගුරුවරුන් 6 දෙනෙකු සහ පාසල් ළමයින් තිදෙනෙකු සහ එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.