විරෝධතා පා ගමන ඇරඹෙයි

වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ ව පවත්වන විරෝධතා පා ගමන මේ වන විට මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබෙනවා.
විරෝධතාකරුවන් පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දක්වා පැමිණෙමින් සිටින බව යි වාර්තා වෙන්නේ.

