සතොසේ පරිප්පු, සීනි, ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහලට

සතොසේ පරිප්පු, සීනි, ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහලට

සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල ලංකා සතොස ආයතනය පහත දමා තිබෙනවා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.

පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 279ක් වන අතර එය රුපියල් 96කින් අඩුකර තිබෙනවා.

එමෙන්ම, දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.

හාල් මැස්සන් කිලෝවක් රුපියල් 1300කට සතොස හරහා මිලදි ගත හැකියි.

හාල් මැස්සන් කිලෝවක පහත දමා ඇත්තේ රුපියල් 200 කින්. රුපියල් 17කින් අඩුකල රතු පරිප්පු කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 398ක් ලෙසයි.