T20 පිතිකරුවන් අතර පළමු තැන සූර්ය කුමාර් යාදව්ට

T20 පිතිකරුවන් අතර පළමු තැන සූර්ය කුමාර් යාදව්ට

ICC 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට ඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙල පිතිකරු සූර්ය කුමාර් යාදව් සමත් වී තිබෙනවා. මීට පෙර එහි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ.

පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය පාකිස්තානයේ බාබර් අසාම්ට හිමිව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාර්ක්‍රම් පස්වන ස්ථානයේ රැඳී සිටිනවා.

COMMENTS