ගුරු ඇඳුම ගැන කළ ඉල්ලීමට මහා සංඝරත්නයේ විරෝධය

ගුරු ඇඳුම ගැන කළ ඉල්ලීමට මහා සංඝරත්නයේ විරෝධය

අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ගුරුවරුන්ටත් පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කළ ඉල්ලීමට මහා සංඝරත්නය සිය විරෝධය පළ කරනවා.

මහා සංඝරත්නය සඳහන් කරන්නේ ගුරුවරුන්ට නියමිත ඇඳුම නොවෙනස්ව එලෙසම පවත්වාගෙන යා යුතු බවයි.

උද්ගතව ඇති සමාජ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය නිලධාරීන්ට පහසු සුදුුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් මස 27 වන දින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

එම චක්‍රලේකය නිකුත් කර ඇති පසුබිමක ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඉල්ලා සිටියේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගුරුවරුන්ටත් වඩාත් පහසු ඇඳුමකින් සැරසී පාසල වෙත පැමිණීමට අවසර ලබාදෙන ලෙසයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ස්වාමීන්වහන්සේ පිරිසක් සිය විරෝධය පළ කළා.

COMMENTS