පොලීසිය මැදිහත්වීමෙන් හෙට ඩෙංගු මර්දන වැඩ සටහනක් කොළඹදී

පොලීසිය මැදිහත්වීමෙන් හෙට ඩෙංගු මර්දන වැඩ සටහනක් කොළඹදී

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට දිනයේදී ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත්වීමෙන් කොළඹදී ආරම්භ වෙනවා.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කොළඹ මහනගර සභාව, එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහිදී ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් පරීක්ෂා කිරීම හා දූමායනය සිදුකිරීම සිදුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

COMMENTS