බිත්තර මිල වැඩි කිරීමේ වාර්තා බොරු – පාරිභෝගික කටයුතු අධිකාරිය

බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ, වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් දිවයින පුරා තවදුරටත් අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බව යි.

