ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව තීරණය කරන තරඟ දෙකක් අද

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව තීරණය කරන තරඟ දෙකක් අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරඟ දෙකක් අද (04) පැවැත්වෙනවා.

ඒ නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරඟ පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එමෙන්ම, නවසීලන්ත තරඟයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ යුතු අතර, ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහිව හෙට (05) තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.