ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් කැන්ගරුවන්ට ලකුණු 4ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් කැන්ගරුවන්ට ලකුණු 4ක තියුණු ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතරයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම්, නියත වශයෙන් ම ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගය ජයගත යුතුව තිබුණා.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ලෝක කුසලානයේ සිහිනය තවදුරටත් සිහිනයක් බවට පත් කරමින්, සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අහමුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 04කින් පරාජයට පත් වුණා.

පස්වරු 1.30ට ඇඩිලේඩ් හි දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිවූයේ ඇෆ්ගනිස්තානයටයි.

එහිදී පළමුව පන්දුවට පහරදීමේ ඇරයුම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව පිටියට පැමිණි ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිතූ තරම් ලෙහෙසියෙන් ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් නිදහසේ පහරදීමට ඉඩ ලබා දුන්නෙ නැහැ.

ලකුණු 169ක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

තරගය ඉතාමත්ම තීරණාත්මක අදියරයක පවතිද්දී, ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිසේත්ම තරගය අතහැර නොදැමූ අතර, ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව දිගින් දිගටම පහර දෙන්නට වුණා.

එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම විශිෂ්ට අයුරින් අවසන් පන්දු වාර කිහිපයේදී ක්‍රියාත්මක වූයේ වේගවත් හයේ පහරවල් රැසක් සමගින් වීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත්, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 164ක් පමණයි ලබාගත හැකි වුයේ.

ඒ අනුව ලකුණු 04ක තියුණු ජයක පහස විඳින්නට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට හැකි වුණා.

COMMENTS