මොහොමඩ් නබී හදිසියේම ගත් තීරණය

ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20යි 20 ක්රිකට් නායක මොහොමඩ් නබී සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමගිනි.
තම ක්රීඩාලෝලීන් අපේක්ෂා නොකළ ප්රතිඵලයක් සමගින් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳව කලකිරීමෙන් පසුවන බවට 37 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ක්රිකට් නායකයා පවසයි.

