යළි ඇති වූ තෙල් පෝලිම් අද හෝ හෙට අවසන් – ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්

යළි ඇති වූ තෙල් පෝලිම් අද හෝ හෙට අවසන් – ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්

ඉන්ධන ඇනවුම් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් ඉන්ධනහල් ආශ්‍රිතව හටගෙන තිබූ රථවාහන පෝලිම් අද (05) හෝ හෙට (06) දිනය වනවිට සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධනහල් හිමියන් බොහෝ පිරිසක් මේ වන විට ඇනවුම් ලබාදීමට කටයුතු කර ඇති බව එහි සභාපති ශාන්ත සිල්වා පැවසුවා.

මෙම සතියේ ඉන්ධන මිලෙහි සශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධනහල්හිමියන් බොහෝ පිරිසක් ඇනවුම් සීමිත කර තිබූ අතර එමඟින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධනහල් ආශ්‍රිතව පෝලිම් හටගෙන තිබුණා.