එංගලන්තයේ ඉරණම තීරණය කරන්න සිංහයන් අද සටනට

එංගලන්තයේ ඉරණම තීරණය කරන්න සිංහයන් අද සටනට

එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ ද යන්න තීරණය වන තීරණාත්මක තරඟය අද ශ්‍රී ලංකාව සමඟින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වේ.

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ද මෙය වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව ඊයේ අහිමි වුණේ, නවසීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පිළිවෙලිවලින් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

අද තරගයේදී කුමක් සිදු වුවද ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන අතර, එසේ වුවද අද තරගය ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් ආපසු සිය රටට පැමිණීමේ අපේක්ෂාවෙන් දසුන් ශානකගේ කණ්ඩායම අද තරගයට එක් වනු ඇත.

ඒ අනුව අද තරගය ජයගෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සැනසිලිදායක නිමාවක් දීම ශ්‍රී ලංකා පිලේ අරමුණු වී තිබේ.

දෙරට අතර විස්සයි20 පිටියේදී 13 වරක් හමුව ඇති අතර, ඉන් තරග 9ක් ජය ගැනීමට එංගලන්තය සමත් වෙද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.

COMMENTS