දනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට

දනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත දනිෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් දනිෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමටයි ක්‍රිකට් බලධාරින් කටයුතු කළේ.

මේ අතර දනිෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත්ව තිබෙනවා.

https://bit.ly/3fBrs82