මර්දනය තවදුරටත් ඉවසන්න බැහැ – කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

පීඩාවට පත් වී සිටින ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සහ මෙරට සිදු වන දූෂණ වංචාවලට එරෙහි ව කතා කරන, සාමකාමී විරෝධතා දක්වන ක්‍රියාකාරින්ට එරෙහි ව පාලනය විසින් ගෙන යන මර්දනය දරා සිටිය නො හැකි තරමට වර්ධනය වී ඇති බව අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හිමි වී ඇති භාෂණයේ නිදහස සහ සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතිය රජය මඟින් අත්තනෝමතික ලෙස උල්ලංඝණය කරනව බව යි උන්වහන්සේ පවසන්නේ.
විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයුක්තිසහගත ලෙස යොදා ගනිමින් සාමකාමී අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමේ දුර්දාන්ත වැඩපිළිවෙළ තරයේ හෙලා දකින බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.
මෙලෙස අත් අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රැඳවුම් නියෝග යටතේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව දින 75ක් පුරාවට රඳවාගෙන සිටීම කිසිදු ලෙසකින් පිළිගත නො හැකි බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.
මේ අතර, පාස්කු ප්‍රහාර පිළිබඳ චෝදනා එල්ල වූ පිරිස් නීතිපතිගේ නිර්දේශ මත නොදහස් කිරීම ජනතාව මුලා කරන නාටයක් බව ද උන් වහන්සේ අවධාරණය කරන කරුණු අතර සඳහන්.
එම සම්පූර්ණ ලිපිය පහතින්,



