මෙරට තායිලන්ත තානාපති නිල නිවසටත් හොරු පැනලා

තායිලන්ත තානාපති Poj Hanpolගේ කොළඹ 7, මල් පාරේ පිහිටි නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
සොරා රුපියල් කෝටි 100ක පමණ දේපළ සහ මුදල් සොරකම් කර ඇති බව යි වාර්තා වන්නේ.
ඉරිදා අලුයම 2.00ත් 7.00ත් අතර කාලය තුළ මෙම මංකොල්ලය සිදු ව ඇති අතර, සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව සඳහන්.
සොරාගත් භාණ්ඩ සහ මුදල් අතර ජංගම දුරකථනයක්, සමරු තිළිණයක්, තායිලන්ත මුදල් සහ ශ්රී ලංකා රුපියල් ද තිබූ බව වාර්තා වෙනවා.
පොලිස් නිලධාරියෙකු නිවසින් පිටත සිටිය දීත් තවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නිවස තුළ සිටිය දීත් මෙම කොල්ලය සිදු ව ඇති බව යි සඳහන් වන්නේ.
සිද්ධිය පිළිබඳ කිසි ම සැකකරුවකු පොලිසිය තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

