ධනිෂ්කගේ සිද්ධිය ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ධනිෂ්කගේ සිද්ධිය ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන අය එහි සමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාල සීමාව අතරතුර සිදුවූ බව පවසන සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක් වී ඇති අතර ඒ පිළිබඳව ද මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විමර්ශන සිදු කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS