වසරේ අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණය අද

අද (08) වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
කෙසේ වෙතත් මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ආසියාව මහද්වීපය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බවයි මහාචාර්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස අද 08 වන දා දිස්වන මෙය පස්වරු 6.19ට අවසන් වන බවද ඔහු කියා සිටියා.
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 වසරේ මාර්තු 14 වැනි දා යි

