සංගීතා සහ ජීවන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 5ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
එමෙන්ම තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබුණා.
මීට පෙර ද තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීමේ සිද්ධීන්වලට අදාළව කළා ක්ෂේත්‍රයේ 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගත්තා.

