පාස් පොර්ට් දෙපාර්තමේන්තුව අද සිට යළි වැඩ

පාස් පොර්ට් දෙපාර්තමේන්තුව අද සිට යළි වැඩ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඊයේ (08) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවී තිබුණා.