ධනිෂ්කගේ නඩුව ආවරණය කිරීමට මාධ්‍යට ඉඩ – නඩුව තව ඇඳෙයි

ධනිෂ්කගේ නඩුව ආවරණය කිරීමට මාධ්‍යට ඉඩ – නඩුව තව ඇඳෙයි

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අද යළි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩු විභාගයේ දී ද නැවත නඩු විභාගය කැදවීම 2023 ජනවාරි මස 12 වැනිදා දක්වා කල් තැබිණි.

මේ වන විට සිඩ්නි නුවර බ්ලූ වෝටර්ස් බන්ධනාගාර ගත කර සිටින ධනිෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබීය. එසේම මෙම නඩු විභාගය මාධ්‍ය වෙත හෙළි නොකරන ලෙස කර ඇති ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

COMMENTS